දහම් වැස්සක්..


කටෙ‍ා්ර
අකුසල වලින්
වියළි
ඉරිතලාගිය
සිත් තුල ...

මල්මෙන් පිපෙන්න‍ට
නැවුම් සිතුවිලි  
මිනිස් හද තුල...
දහම් වැස්සක්
වසිත්ව‍ා...

සිතන්න...



බිදක් සිතන්න..
කුඩයක් තියන මිනිස්සු
වැස්ස‍ට බය නෑ..
හිතේ හයිය තියන මිනිස්සු
ප්‍රශ්න වලට බය නෑ..
කදුළුත් හරියට ඉටි වගේ
උණු වෙනකොට වැක්කෙරෙනව‍ා..

පිනි කැට සේ..


හිරු දැක
දිලී
වියැකි යන
පිනි කැට
සේ..
නුඹේ සිතින් 
මා..
මිලාන 
වී..
ගොසින්

මා දමා නොයන්නට…


ආදරේ
හොරෙන්
 ගෙන යන්ට 
හැදු නිසාවෙන්
ඔබ දමා අඟුලු ලා

යතුර සඟවා
ගතිමි
මා දමා නොයන්නට…

පාසල් කාලේ...

 
ආයෙමත් යන්න බැරි
කවදාවත් අමතක නොවෙන
සිතේ මතකයක් පමණක්ම වුන
එත් මතක්වෙද්දි ආස හිතෙන....
 
දේදුන්නේ පාට හතෙන්ම
පාට පාට කොලවල ඇඳපු
අපැහැදිලි සිතුවම් වගේ
සිත පුරාම විසිරුණු....
ඒ අතීතය... 
අද...
සුන්දර අසුන්දර
මතකයන් ගොන්නකි.....
 

 

සඳ බැස ගිය දා..


සිත් අහස් කුස
නැගි සරා සඳ
බැස ගියා අද 
අදුර ඉතිරි කර

ඉතින් පලක් වෙද 
අදුර මකන්න‍ට 
පෙර  සඳක්පායා 
තිබූ අහසට
පුංචි තරු කැට
සඳ
සඳ

ප්‍රේමය නම්..


සිත‍ට
 කෙතරම් කීවත්
 නෙ‍ාතේරෙන...
විහින්
 සිත රිද‍වා ගන්න...

නෙත‍ට කදුළු කැට
උරුම වෙන
බෙ‍ාළද සිතුවිල්ලකි
ප්‍රේමය...



නුඹ ‍එනතුරා


සිත‍ට තහනම් කළ
අතීතය දෙස 
මතක සැමරුම්
තියාගෙන...
බලා ඉන්නෙමි....
නුඹ ‍එනතුරා...
ජීවිතයේ..
තනිමංසලට වී ...


සමනලයා


මේ... විසල් අහස යට
පිපුණි... නමක් නෙ‍ාමැති
පුංචි මලක්..

ගෙවි යන කාලය සමග
දිනෙක පරවෙන බව
නොදැන.......

කරයි සමනලයෙකු
එ්... මලට ආලය......

තනි තරුව


සඳ නැතිදා..
රෑ අහසේ
තනි තරැවක්
හඩා වැටුනි....
ඇයි තරැවේ 
නුඹ හඩන්නේ....
 සිනාසෙන්න..... 
සිනාසෙන්න.....
ලොවම එළිය වුණා
නු‍ඹෙන්... 

සිත්තම

‍‍
  ‍‍‍වැ‍ටෙයි
පත් ඉරුව මත
 බිදෙන් බිද..
  සායම් බින්දු..
 සිත්තම් කරයි
 ඔහු....
 ලස්සනම ලස්සන
  කවියක්....